Thursday, July 14, 2016

Tesla says autopilot involved in second car crash - BBC News

ඉබේ ධාවනය වූ ටෙස්ලා කාරය පුද්ගලයකුට මරු කැඳවයි. (News updates: 23 Hours ago)
Tesla Model S මෝටර් රථයේ රියැදුරු සහාය නොමැතිව ඉබේ ධාවනය වන Autopilot පද්ධතිය ක්‍රියාත්මකව තිබියදී සිදුවූ දරුණු රිය අනතුරකින් මෝටර් රථයේ රියැදුරු ජීවිතක්ෂකයට පත්ව තිබෙනවා. මධ්‍යම ෆ්ලොරිඩාවේ අධිවේගී මාර්ගයකදී සිදුවූ මෙම අනතුර සිදුව ඇත්තේ ටෙස්ලා මෝටර් රථයට ලම්භකව ඉදිරියෙන් ධාවනය වූ ට්‍රැක්ටරයක ටේලරයේ මෝටර් රථය ගැටීමෙනි.
ඉබේ ධාවනය වීම සඳහා වන Autopilot පද්ධතිය ක්‍රියාත්මක වුවත් මෙම ට්‍රැක්ටරයේ ටේලරය දීප්තිමත් සුදු පැහැයෙන් දිස්වූ නිසා අහස සේ වරදවා වටහා ගැනීමත්, අසාමාන්‍ය ලෙස උසින් පිහිටි එම ටේලරය රේඩාර් පද්ධතිය මඟින් මාර්ගයේ ඉදිරියෙන් ඇති මාර්ග පුළුල් සංඥා පුවරුවක් ලෙස වරදවා වටහා ගැනීමත් නිසා මේ අනතුර සිදුව ඇති බවයි ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී Elon Musk පවසන්නේ. ටේලරයේ උසත්, මාර්ගයේ ඒ මොහොතේ පිහිටි ස්ථානයත් අනුව Tesla මෝටර් රථය ටේලරය යට ප්‍රදේශයේ ගැටීමෙන් අනතුර සිදුවී ඇත.
කෙසේ නමුත් තවමත් පරයේෂණ මට්ටමේ පවතින Autopilot පද්ධතිය භාවිතයේ දී අනුගමනය කල යුතු පිළිවෙල අනුගමනය නොකිරීම නිසා මේ අනතුරට සම්පූර්ණ වගකීම මියගිය රියදුරු වෙත පැවරෙනු ඇත.
මේ අනතුරින් මියගිය පුද්ගලයා මීට පෙරද ටෙස්ලා මෝටර් රථය Autopilot යොදාගෙන ධාවනය වන අතරතුරේ අනතුරකින් බේරුනු අවස්ථාවක වීඩියෝවක් අන්තර්ජාලය වෙත එක් කර ඇති අතර ඒ වීඩියෝව Elon Musk පවා Tweet කර ඇත. Joshua Brown නම් මේ 40 හැවිරිදි පුද්ගලයා සිය ටෙස්ලා මෝටර් රථයේ විවිධ දර්ශණ සිය යූ ටියුබ් චැනලය වෙත නිතර නිතර එකතු කරන පුද්ගලයෙකි.
මේ අනතුර පිළිබඳව මේ වන විට ඇමරිකානු අධිවේගී මාර්ග ප්‍රවාහන අධිකාරිය විසින් පරීක්ෂණ පවත්වයි. කෙසේ වෙතත් Autopilot පද්ධති තවමත් පර්යේෂණ මට්ටමේ පවතින බවත්, දත්ත හා පර්යේෂණ මත දිනෙන් දින එහි නිරවද්‍ය බව වැඩි වුවත් තවමත් රියැදුරුගේ සම්පූර්ණ අවධානය ධාවනය සඳහා අවශ්‍ය බවයි ටෙස්ලා සමාගම පවසන්නේ.

Tesla says autopilot involved in second car crash:


Friday, May 27, 2016

විද්‍යුත් මෝටර් රථ වාහන මිල අඩු වන ලකුනු

ආනයනික වාහන සඳහා නව බදු ක්‍රමවේදයක් හඳුන්වාදී ඇති අතර ඒ  අනුව වාහන මිල ගණන් ඉහළ යන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල වැඩි වීම සිදුවේ.

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා විසින් මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අනාවරණය කළේය.

ඒ අනූව නව ඒකක බද්ධ හඳුන්වාදීම හේතුවෙන් නිෂ්පාදන බදු වෙනසකට භාජන වී ඇති බව හෙතෙම පැවසීය.

වාහනවල වටිනාකම සම්බන්ධයෙන් පැවැති විෂමතා සම්බන්ධයෙන් අගමැතිවරයා, මුදල් ඇමතිවරයා මෙන්ම සිය නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවලින් පසු නව ඒකක බද්ද හඳුන්වාදීමට පියවර ගත් බවත්, ඒ අනූව එය වෙළඳපොළ උඩු යටිකුරු වීමක් ලෙස සැලකිය හැකි බවත්, ඔහු කීවේය.

මේ යටතේ එංජින් ධාරිතාව 1000ට වැඩි සියලු වාහන මිල ඉහළ යනු ඇත.
එංජින් ධාරිතාව 1000 සිට 1500 දක්වා වාහන සඳහා අවම බද්ද රුපියල් ලක්ෂ 30ක් පමණ වේ.

එංජින් ධාරිතාව 1500ත් 1600ත් අතර වාහන සඳහා ඒකකයක් වෙනුවෙන් රුපියල් 3500ක බද්දක් ද ධාරිතාව 1600ට වැඩි වාහන සඳහා ඒකකයක් වෙනුවෙන් රුපියල් 4000ක් ද බදු වශයෙන් අය කරන බව සම්පත් මෙරෙන්චිගේ මහතා සඳහන් කළේය.

විද්‍යුත් මෝටර් රථ වාහන මිල ඒකක බදු ක්‍රමය යටතේ අඩු වන අතර මුලින් පැවැති ලක්ෂ 29ක පමණ බද්ද නව ක්‍රමය යටතේ ලක්ෂ 17 හමාරක් පමණ වනු ඇත.

නමුත් පවතින මිලට වඩා එම වාහන වැඩි අගයක් විය හැකි බව සම්පත් මෙරෙන්චිගේ මහතා සඳහන් කළේය. මේ යටතේ ත්‍රීවිල රථයක බද්ධ රුපියල් ලක්ෂ 4 දක්වාද, පියර්ස් රථයක බද්ධ රුපියල් ලක්ෂ 33 සිට 72 දක්වාද, එක්සෙල් රථයක බද්ද රුපියල් ලක්ෂ හතලිස් ගණනේ සිට 72 දක්වාද වැඩිවිය හැකි බව හෙතෙම පැවසීය.

කෙසේ වුවද වෑන් හා ලොරි රථවලට නව බද්ද බලපෑමක් සිදුනොවනු ඇතැයි ද ඒ මහතා කීවේය. තවද මරුටි, ඇල්ටෝ වැනි වාහනවල ලක්ෂ 8ක පැවැති ලක්ෂ 12ක් පමණ වනු ඇතැයිද ඔහු කියා සිටියේය.

මේ යටතේ ඉදිරියේදී ශ්‍රී ලංකාවට එංජින් ධාරිතාව 1000ට වැඩි වාහන ආනයනය නතර වනු ඇතැයි ද, එසේම ජපන් වාහනයක් ගැනීමේ හැකියාව අවම වනු ඇතැයිද ඔහු පැවසීය.

New Vehicle duty rates according to the new circular 
Sri Lanka Customs. (27 May 2016)

රේගු ආදායමෙන් සියයට 40ක් ලැබෙන්නේ වාහන බදු වලින් බවද කියා සිටි ඒ මහතා ඒකක බදු ක්‍රමය හොඳ බවද මේ නිසා වාහන අලෙවි කරන සමාගම්වලට ස්ථාවර විය හැකි බවද වැඩිදුරටත් කියා සිටියේය.


Thursday, May 26, 2016

අලුත්ම ඉන්දියානු මෝටර් රථ පහක ආරක්ෂාව බිංදුවයි


ලොව නිෂ්පාදනය කරනු ලබන වාහනවල ආරක්ෂාව පිළිබඳ ශ්‍රේණිගත කිරීම් සිදුකරනු ලබන බ්‍රිතාන්‍ය සමාගමක් වන Global NCAP (Global New Car Assessment Programme)ආයතනය සිය නවතම වාර්තාවක් පසුගිය දා එළිදක්වනු ලැබීය.
ඊට අනුව ඉන්දියානු මෝටර් රථ පහක මගී ආරක්ෂාව පවතින්නේ ඉතාම පහළ මට්ටමක බව අවධාරණය කර තිබේ. මෝටර් රථවල ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරන ලද තරු (Star) ශ්‍රේණිගත කිරීම්වල දී මෙම වාහන වර්ග 5 ට කිසිදු තරුවක් හිමි වී නොතිබීම මෙහි ඇති වඩාත් විමසිලිමත් විය යුතු තත්ත්වයයි.
මෙලෙස මගී ආරක්ෂාව බිංදුවට දමා ඇති මෝටර් රථ පහ වනුයේ Renault Kwid, Maruti Suzuki Celerio, Maruti Suzuki Eeco, Mahindra Scorpio සහ Hyundai Eon යන මෝටර් රථ වර්ග පහයි.



Tuesday, April 12, 2016

Green Frontiers and Chargenet Fast EV Charging Center Locations - Sri Lanka


Note: Most of these charging stations are not fast charging centers. Please made a call and confirm availability before you plan to go there.

ChargeNet

Green Frontiers




Download NISSAN Leaf Driver's Guide Mobile App


The Nissan Driver’s Guide is an application based on Augmented Reality Technology. It will help you to learn and understand more about your vehicle.

 When you want detailed information about a particular button or switch, simply point the camera of your smartphone at that object or area containing the object.  An interactive pop up appears on the screen of your phone and with a single touch you are quickly provided with the information you require. When a warning light is displayed on your vehicle's combination meter, the Nissan Driver's guide provides you with quick access to additional information.

Point the camera of your phone at the combination meter and with a single touch, you will have access to an explanation of all the warning lights.

You can also touch the dedicated warning light icon on the main screen.
The application provides the following features:

1. An Augmented Reality function that recognizes vehicle content through the camera of your smartphone. 
This technology interacts with 3 main areas of the vehicle:

· Steering wheel 
· Navigation and Audio system 
· Climate control system 

2. Descriptions of all the warning lights displayed on the vehicle’s combination meter.

3. An electronic version of the Quick Reference Guide, providing a brief overview of many important features of the vehicle, including instructions to follow if your vehicle has a flat Tyre.

Note: The Augmented Reality interacts with these main buttons and systems:

1. Steering wheel buttons
2. Audio system buttons
3. Navigation system buttons
4. Air Conditioning buttons
5. Parking Brake button
6. Combination meter
7. Start/Stop engine button
8. Buttons located between the steering wheel and the driver's door.


Monday, March 14, 2016

Live Road Traffic Reports Sri Lanka

Real-time traffic alert and mileage tracker all rolled into one App in Sri Lanka.


Road.lk free traffic alert and GPS tracker app:http://goo.gl/xkOjN

Monday, March 7, 2016

Importing EV Vehicle Duty Rates (7 March 2016)

Importing EV Vehicle - Sri Lanka Customs. Updated Duty Rates (7 March 2016). Nissan leaf new price in Sri Lanka (2016)

Click on image so view large