Saturday, September 12, 2026

Ev vs Fuel මෙන්න ඇත්ත

 ඔයාලත් City traffic එකේ EV එකක් හරි PHEV එකක් හරි පදින්න හිතාගෙන ඉන්නවා නම්, පෙට්‍රල් වාහනයකට සාපේක්ෂව ඒකට ඇත්තටම යන වියදම මෙන්න මේ වගේ.


සාමාන්‍ය ගෙදර විදුලි ගාස්තුව (Standard Home Rate)

ඔයාගේ ගෙදර මාසික විදුලි පාවිච්චිය යුනිට් 180 ට වැඩියි නම්, ඊට පස්සේ එකතු වෙන හැම යුනිට් එකකටම රුපියල් 100 ක් විතර යනවා.

ට්‍රැෆික් එකේ දිව්වොත් EV එකකින් සාමාන්‍යයෙන් යුනිට් එකකට කිලෝමීටර් 7.5 ක් විතර යන්න පුළුවන්.

ඒ කියන්නේ කිලෝමීටරයකට යන වියදම රුපියල් 13.33 යි.

ඒක සාමාන්‍ය 92 පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර් 30 ක්, නැත්නම් 95 පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර් 35.6 ක් යනවා වගේ වැඩක්.

මේ සාමාන්‍ය ගාස්තුව යටතේ වුණත්, සාමාන්‍ය පෙට්‍රල් වාහනයක් පදිනවාට වඩා මේක ගොඩක් ලාභයි.

රෑට චාර්ජ් කරන ගාස්තුව (TOU Meter)

ඇත්තටම ලොකු මුදලක් ඉතුරු කරගන්න පුළුවන් මෙතැනදියි. ඔයාට පුළුවන් ගෙදර මීටරය TOU (Time of Use) කනෙක්ෂන් එකකට මාරු කරගන්න. TOU එකේදී රෑ 10.30 ත් උදේ 5.30 ත් අතර කාලය ඇතුළත යුනිට් එකකට යන්නේ රුපියල් 33 යි.

ඔයා ඒ වෙලාව ඇතුළත රෑට වාහනය චාර්ජ් කළොත්:

කිලෝමීටරයකට යන වියදම රුපියල් 4.40 දක්වා අඩු වෙනවා.

ඒක 92 පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර් 91 ක්, නැත්නම් 95 පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර් 108 ක් යනවා වගේ ලාභයක්!

අනිත් වාසිය තමයි, TOU මීටරයකට මාරු වුණාට පස්සේ ගෙදර තියෙන වැඩිපුර කරන්ට් එක යන අනිත් උපකරණත් රෑ වෙලාවට වැඩ කරන්න දාන්න පුළුවන්. මෙහෙම කරලා මුළු මාසික විදුලි බිල 70% කින් විතර අඩු කරගන්න පුළුවන්.

මේ ටැරිෆ් එක මාරු කරන්නේ කොහොමද, TOU ගාස්තු මොනවාද, නැත්නම් ඒක set up කරගන්නේ කොහොමද කියලා පැහැදිලි නැත්නම් Comment එකක් දාන්න.


#evclublk #ev #evsrilanka #byd #bydoffer #colombo #motorshow #autolanka #toyota #vega #codegen #auto #mobility

No comments:

Post a Comment