Showing posts with label Sri Lanka Vehicle Registration. Show all posts
Showing posts with label Sri Lanka Vehicle Registration. Show all posts

Friday, September 16, 2016

වාහන ලියාපදිංචිය 50% කින් පහළට

2016 වසරේ පළමු මාස 08 තුළ දී මෙරට ලියාපදිංචි කර තිබෙන වාහන ප්‍රමාණය 50% කින් පහළ බැස තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ. 2016 වසරේ පළමු මාස 08 තුළ දී මෝටර් රථ 313,465 ක් ලියාපදිංචි කර තිබෙන අතර 2015 වසරේ මුල් මාස 08 තුළ වාර්තා වී තිබෙන මෙම අගය 668,907 ක් ලෙසින් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා පෙන්වා දෙන්නේ මෙලෙස වසරේ මුල් මාස 08 තුළ ලියාපදිංචි කර තිබෙන වාහන 313,465 න් හරි අඩක් පමණ මෝටර් සයිකල් වන බවයි.

පසුගිය වසරේ මුල් මාස 08 තුළ ලියාපදිංචි මෝටර් රථ සංඛ්‍යාව වන 668,907 මෙතෙක් ඉතිහාසයේ වසරක මුල් මාස 08 ක කාලපරිච්ඡේදය තුළ වාර්තා වී තිබෙන වැඩිම මෝටර් රථ ලියාපදිංචිය බව ඔහු පෙන්වා දේ.

මෑත කාලීනව වාහන ආනයන බදු ඉහළ යාම, බැංකුපොළී අනුපාතික ඉහළ යාම වැනි හේතූන් මෙලෙසින් වාහන ලියාපදිංචිය පහත වැටීමට හේතුවී ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.

Source: Adaderana Biz