Showing posts with label how to save byd battery. Show all posts
Showing posts with label how to save byd battery. Show all posts

Thursday, September 3, 2026

BYD වාහනයක HV Battery එක හරියට Maintain කරන්නේ කොහොමද ?

♻️Battery health එක වසර ගනනාවකට හොදින් පවත්වාගන්නේ කොහොමද 

♻️Range එක හොඳ තත්වයෙන් පවත්වාගන්නේ කොහොමද .

වාහනයට අදාළ warranty period එක  අවසන් වුණාට පස්සේ battery එකට කවුරුවත් වගකියන්නේ නෑ.

ඒ නිසා මුල ඉඳන් හරියටම maintain  කළොත්  සෑහෙන්න කාලයක් බැටරිය දුවා ගන්න පුළුවන්.

අන්න ඒක තමයි මෙතනදි පැහැදිලි කරන්නේ.

“Please use this vehicle properly" කියලාත් ඔබට ලබාදුන් document එකක සඳහන් වන බවත් මතක තබා ගන්න. මේ සඳහන් කරන ආකාරයට චාජ් නොකර Range එක අඩු වෙච්ච වාහන අපිට හම්බවෙලාත් තියෙනවා.

හැමෝටම තේරෙන විදියට BYD Vehicle owner කෙනෙකුට අවශ්‍ය ආකාරයට සරලව පැහැදිලි කරන්නම්.

🟨 Charger වර්ග 2 ක් තිබේ. DC සහ AC.


♻️ DC Charger.

Quick Topup කර ධාවනය කිරීමට .වේගවත් Charging speed එකක් ඇත.


♻️ AC Charger

Slow ආකාරයට  charge වේ.

Cell balance කිරීමට මෙමගින් හැකියාව ඇත.

DC charger මගින් cell balance  කිරීමක් කෙරෙන්නේ නැත.

එනිසා AC charging battery  එක හොඳින් පවත්වාගෙන යාමට අත්‍යවශ්‍යයි

සතියකට වතාවක් AC charger එකකින් 100% charge කරන්න පුළුවන් නම් හොඳයි. එවිට සියළුම cell අතර Energy balance වන අතර battery capacity සහ battery life ඉදින් පවත්වාගෙන යාමට උපකාරී වෙනවා. මෙහිදී 10% කට වඩා අඩුවෙන් බැටරි එක බස්සන්න අවශ්‍යතාවයක් නෑ.

මේ අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් කියලා මම කියන්නේ නෑ නමුත් කරනවනම් ඔබේ බැටරියේ ආයු කාලය වැඩිවෙයි.


♻️ වැරදි මත.

80 %ට වඩා charge කරන්න එපා.

මේක වැරදි මතයක්.BYD battery 100% ක් charge කරාට කිසිම හානියක් නෑ. හැබැයි අධික උෂ්ණත්වය Battery එකේ ආයු කාලයට බලපානවා.

♻️මාස 3 පමණ වාහනය එකතැන නවත්වා තිබෙනවා නම්. 30% -60 % අතර SOC එක තබන්න.

♻️මාස 3 ට පමණ වතාවක් Battery එක Recalibration කරන්න. මේ ඔබගේ battery එකේ health එකට අත්‍යවශ්‍ය කාරණාවක්.


කොහොමද කරන්නේ.

✅Battery එක 10% කට වඩා අඩුවට discharge කරන්න.

✅ඉන්පසුව AC charger  එකක් භාවිතා කරලා single charging cycle  එකකින් 100% ක් charge කරන්න. 


මෙය 100% යන්නට කලින් නතර කළහොත්. Battery එක recalibrate  වෙන්නෙ නෑ. එහෙම උනොත් මුල ඉඳන් ආයිත්10% කට වඩා අඩුවෙන් discharge  කරලා පටන් ගන්න ඕනේ.

මෙහිදී සම්පූර්ණයෙන් battery එක charge වී charging complete ලෙස message එකක් එන  තුරු charge කරන්න. ඇතැම් වෙලාවට 100%  ක් charge වී charging completed ලෙස message එකක්  ලැබෙන්නෙ නැති වෙන්න පුළුවන්.

එහෙත් එම මැසේජ් එක ලැබෙන තුරු charge කරන්න .

බැටරියේ health එක  හොඳින් පවත්වාගෙන යාමට මෙය අත්‍යවශ්‍ය කරුණක්. 

🟨100% SOC පෙන්වූ වහාම "Charging Completed" නොපෙන්වා තවත් මිනිත්තු කිහිපයක් ගත විය හැකිය. ඒක සාමාන්‍ය දෙයක්.එයට හේතු:


1. 100% SOC කියන්නේ display එකේ පෙන්වන අගයයි. නමුත් BMS එක තවමත් අවසාන charging ක්‍රියාවලිය අවසන් කරමින් සිටිය හැක.

 2. Cell balancing: බැටරියේ සෑම cell එකක්ම සමාන වෝල්ටීයතාවයකට ගෙන ඒම සඳහා BMS එක අවසාන අදියරේ balancing කරනවා.

තවත් සරලව කිව්වොත් මුලින්ම බැටරිය හිතන්නෙ නැතිව  චාජ් කරගෙන යනවා අවසාන අදියරේදී තමයි cell balancing  කරන්නේ.

3. Charging current එක අවසානයේදී ඉතා අඩු කරනවා. ඒ නිසා display එක 100% වුණත් charger එක සම්පූර්ණයෙන් නවත්වන්න තවත් කාලයක් ගත වෙයි.


✅ BMS එක සියලු ආරක්ෂක පරීක්ෂණ අවසන් කළ පසුවයි "Charging Completed" කියලා පෙන්වන්නේ.

♻️BYD කියන්නේ කවදාවත් නිදාගන්නා වාහන වර්ගයක් නොවෙයි. ඒ නිසා රෑ %100 ක් තිබුණ Battery එක උදේ වෙනකොට යම්කිසි ප්‍රමාණයක් අඩුවීම සාමාන්‍යයි. ඔබ BYD App එකෙන් වාහනය පරීක්ෂා කරන සෑම විටකම Body control units on වෙන බවත් sim, DiLink ආදිය on වෙන බවත් එය battery pack එකට බලපාන බවත් සිහි තබා ගන්න.

12V battery එක දුර්වල නම් රාත්‍රී කාලයේ එය charge කිරීමට  නිතරම සිදුවන නිසා HV Battery එකේ යම්කිසි ප්‍රතිශතයක් අඩුවීමද සිදුවේ. 

මෙහි ඇතැම් දින වකවානු owners manual එකට වඩා යම් වෙනස්කමක් තිබෙන්නට පුලුවන්.

එයට හේතු වන්නේ ප්‍රායෝගික තත්ත්වය වෙනස් වන නිසාවෙනි. ඔබගේ බැටරියේ health එක  හොඳින් පවත්වාගෙන යාමට මේ සඳහන් කරන කරුණු ඉවහල් වන බව මතක තබාගන්න.

Cars for Sale on the Largest Car Marketplace in Sri Lanka

 #everyonehighlightsfollowers #everyoneシ゚ #everyoneactivefollowersシfypシ゚viralシalシ #starseverywherefypシ゚viralシypシ゚viralシhtag #everyonehighlights #CPSTL #CleanSriLanka 

#SriLanka #SystemChange #ColomboTraffic #DailyCommute #BetterSriLanka #SriLankaUpdates #DevelopmentLK #ViralSL #TrendingLK #NewsSL #LankanLife #FutureSriLanka #BYDSriLanka #JKHoldings #BYD #bydatto3srilanka #follower #followerseveryone 

New Cars Registrations 1,062ක් Register වෙලා ඒකෙන් BYD 800ක්

 

ලංකාවේ New-Car Market එක BYD අතට ගියාද ?? 🤔

July 2026 registration data අනුව, Sri Lanka වල brand-new motor-car registrations 1,062ක්  වාර්තා වෙලා තියෙනවා.

ඒ අතරින්:

BYD — 800 registrations

🚗 Atto 1 — 612 registrations

Dolphin Dynamic — 180 registrations


ඒ කියන්නේ July brand-new car registrations වලින් BYD registrations roughly 75%ක් පමණ තවත් interesting point එකක්

Atto 1 එක විතරක් registrations 612ක්

මේ numbers වලින් Sri Lankan New-Car Market එකේ BYD සහ EV demand එකේ strong momentum එකක්** පේනවා.

හැබැයි registrations කියන්නේ අනිවාර්යයෙන්ම individual customer sales කියන එක නෙවෙයි.

Dealer inventory registrations වගේ factors තිබිය හැකි නිසා, මේ data එක market activity එකේ strong signal එකක්** ලෙස බලන එක වඩාත් accurate.

 Buyer කෙනෙක්ට මේකෙන් මොන signal එකක්ද?

⚡ EV market එක තවත් competitive වෙනවා

🚗 New-car choices වැඩි වෙනවා

💰 Competitive pricing එක buyer decisions වලට බලපානවා

📊 BYD වගේ brands traditional market leadersලාට stronger competition එකක් දෙනවා


ඒත් මේකෙන් “BYD තමයි හැම buyer කෙනෙක්ටම best car එක” කියලා කියන්න බැහැ.


Vehicle එකක් තෝරද්දී:

🔋 Battery & charging

💰 Purchase price

🔧 After-sales support

🚗 Range

📊 Resale value

💳 Finance cost


වගේ factorsත් බලන්න ඕනේ.

ඔයාට Brand-New Car එකක් ගන්න budget එකක් තිබුණොත් — BYD Atto 1 ද, Japanese Car එකක්ද 

⚡ BYD Atto 1

       Japanese Car

🔋 වෙන EV එකක්

⏳ තවම Wait කරනව


ඔයාගේ choice එක comment කරන්න


📲 Brand-New Car එකක් ගන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට මේ August market update එක Share කරන්න.

🔖 Sri Lanka New-Car Market එකේ future changes බලන්න මේ Post එක Save කරගන්න.


Sri Lanka Vehicle Prices, Imports & Market Updates 

#DinumaCarSale #BYDSriLanka #NewCarsSriLanka #EVSriLanka #SriLankaCarMarket