Thursday, July 14, 2016

Tesla says autopilot involved in second car crash - BBC News

ඉබේ ධාවනය වූ ටෙස්ලා කාරය පුද්ගලයකුට මරු කැඳවයි. (News updates: 23 Hours ago)
Tesla Model S මෝටර් රථයේ රියැදුරු සහාය නොමැතිව ඉබේ ධාවනය වන Autopilot පද්ධතිය ක්‍රියාත්මකව තිබියදී සිදුවූ දරුණු රිය අනතුරකින් මෝටර් රථයේ රියැදුරු ජීවිතක්ෂකයට පත්ව තිබෙනවා. මධ්‍යම ෆ්ලොරිඩාවේ අධිවේගී මාර්ගයකදී සිදුවූ මෙම අනතුර සිදුව ඇත්තේ ටෙස්ලා මෝටර් රථයට ලම්භකව ඉදිරියෙන් ධාවනය වූ ට්‍රැක්ටරයක ටේලරයේ මෝටර් රථය ගැටීමෙනි.
ඉබේ ධාවනය වීම සඳහා වන Autopilot පද්ධතිය ක්‍රියාත්මක වුවත් මෙම ට්‍රැක්ටරයේ ටේලරය දීප්තිමත් සුදු පැහැයෙන් දිස්වූ නිසා අහස සේ වරදවා වටහා ගැනීමත්, අසාමාන්‍ය ලෙස උසින් පිහිටි එම ටේලරය රේඩාර් පද්ධතිය මඟින් මාර්ගයේ ඉදිරියෙන් ඇති මාර්ග පුළුල් සංඥා පුවරුවක් ලෙස වරදවා වටහා ගැනීමත් නිසා මේ අනතුර සිදුව ඇති බවයි ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී Elon Musk පවසන්නේ. ටේලරයේ උසත්, මාර්ගයේ ඒ මොහොතේ පිහිටි ස්ථානයත් අනුව Tesla මෝටර් රථය ටේලරය යට ප්‍රදේශයේ ගැටීමෙන් අනතුර සිදුවී ඇත.
කෙසේ නමුත් තවමත් පරයේෂණ මට්ටමේ පවතින Autopilot පද්ධතිය භාවිතයේ දී අනුගමනය කල යුතු පිළිවෙල අනුගමනය නොකිරීම නිසා මේ අනතුරට සම්පූර්ණ වගකීම මියගිය රියදුරු වෙත පැවරෙනු ඇත.
මේ අනතුරින් මියගිය පුද්ගලයා මීට පෙරද ටෙස්ලා මෝටර් රථය Autopilot යොදාගෙන ධාවනය වන අතරතුරේ අනතුරකින් බේරුනු අවස්ථාවක වීඩියෝවක් අන්තර්ජාලය වෙත එක් කර ඇති අතර ඒ වීඩියෝව Elon Musk පවා Tweet කර ඇත. Joshua Brown නම් මේ 40 හැවිරිදි පුද්ගලයා සිය ටෙස්ලා මෝටර් රථයේ විවිධ දර්ශණ සිය යූ ටියුබ් චැනලය වෙත නිතර නිතර එකතු කරන පුද්ගලයෙකි.
මේ අනතුර පිළිබඳව මේ වන විට ඇමරිකානු අධිවේගී මාර්ග ප්‍රවාහන අධිකාරිය විසින් පරීක්ෂණ පවත්වයි. කෙසේ වෙතත් Autopilot පද්ධති තවමත් පර්යේෂණ මට්ටමේ පවතින බවත්, දත්ත හා පර්යේෂණ මත දිනෙන් දින එහි නිරවද්‍ය බව වැඩි වුවත් තවමත් රියැදුරුගේ සම්පූර්ණ අවධානය ධාවනය සඳහා අවශ්‍ය බවයි ටෙස්ලා සමාගම පවසන්නේ.

Tesla says autopilot involved in second car crash:


No comments:

Post a Comment